Blog

/Blog/

කොහේ ද? කීයට ද? කොපමණ වෙලාවක් ද?

භාවනා කරන්න සුදුසු ම තැන මොකක්ද? භාවනාව ආරම්භ කරන ආධුනිකයෙක් නිරන්තරයෙන් ම තමන් ගේ භාවනා කරන ස්ථානය සහ මුහුණ යොමු කළ යුතු දිශාව පිළිබඳ ව සැළකිලිමත් වෙනවා. කොහොම වුණත් තමන්ගේ නිවසේ නම් භාවනා කරන්නට නිශ්චිත තැනක් තිබීම බොහොම හොඳයි. ඒක බොහොම පිරිසිදු ගෞරවනීය තැනක් විදියට තියාගන්න. ඒ ස්ථානයේ ලෑලි වලින් කල ආසනයක් මත සුවපහසු කුෂන් මෙට්ටයක් තැන්පත් කොට පිළිවෙලට සකසා ගන්න. ඒ ආසනය මත හිඳගෙන රූපවාහිනිය නැරඹීම පොත් කියවීම වැනි වෙනත් කටයුතු වල නිරත වෙන්න එපා. එය සම්පුර්ණයෙන් ම භාවනාවට පමණක් ම යොදාගන්න ඕන. ඔබ කැමතිනම් කුෂන් මෙට්ටයකින් තොර ව සම්පුර්ණයෙන් ම සමතල බිමක හිඳගන්නත් පුලුවන්. නමුත් වඩාත් හොඳයි කකුල් නවා [...]

By | 2017-07-29T19:45:25+00:00 July 29th, 2017|Meditation|0 Comments

භාවනාව ආරම්භ කරන්නේ කෙසේ ද?

භාවනාව ආරම්භ කරන්නට පෙර ඔබ හොදට හිතට ගතයුතු දෙයක් තියෙනවා. ඒ තමයි, භාවනා පුහුණුව ඉතා ම සැහැල්ලුවෙන් සුළුවෙන් සරළ ව ආරම්භ කිරීමයි. කිසිසේත් ම ඔබ බරපතලකමක් ආරූඩ කරගෙන මම දැන් භාවනා කරන කෙනෙක් කියා සිතමින් සමාජය තුළ විශේෂයෙන් හැසිරෙන්න උත්සාහ කරන්න එපා. පිපාසයට පැන් බොන කෙනෙක් වගේ ඉතා ම සැහැල්ලුවෙන් ජීවත් වෙන අතරේ භාවනාව ආරම්භ කරන්න ඕන. පටන් ගන්න බරපතල විදියට මොකුත් ම හිතන්න යන්න එපා. භාවනාව ආරම්භ කරන්න කලින් ඔබ ට කිසි ම පෙර සූදානමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ භාවනා කරන විනාඩිය වුනත් කිසි ම බාහිර බාධාවකින් තොර ව සිදු කරගැනීමට අවශ්‍ය පරිසරයක සිටීම පමණයි. 1. විවේකය තිබේ නම්; මේ [...]

By | 2017-07-29T18:42:36+00:00 July 29th, 2017|Meditation|0 Comments

භාවනාව යනු කුමක් ද?

භාවනාව යනු කුමක් ද? මේ සදහා බොහෝ උත්තර ඔබට සොයාගැනීමට පුලුවන්. නමුත් ඇත්තෙන් ම භාවනාව යනු කුමක් ද කියන අදහස හැමෝම දන්නවා ද කියන එකනම් ගැටලුවක්. භාවනාව කියද්දී ගොඩක් අයට මතක් වෙන්නේ බිම ඉදගෙන කකුල් නවාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන කොන්ද කෙළින් කරගෙන ඇස් දෙක වහගෙන ඉන්න රූපයක්නේ. ඒත් මම කියන්න කැමතියි, සැබෑ භාවනාවට එහෙම නිශ්චිත ඉරියව්වක් නැහැ. ඒක ඕනෑම ඉරියව්වක සිදු කළ හැකියි. හිදගෙන හිටගෙන ඇවිදින ගමන් වගේ ම ඇදේ හාන්සි වෙලා උණත් භාවනා කරන්න පුලුවන්. එහෙනම් මේ හැම ඉරියව්වක් තුළ දී ම භාවනාවක් සිදු වන්නේ කොහොම ද? භාවනාව ගැන තේරුම් ගන්න නම්, අපි භාවනාව සිදු වන ආකාරය [...]

By | 2017-07-29T18:22:00+00:00 July 26th, 2017|Meditation|1 Comment