Daily Archives: July 29, 2017

July 2017

කොහේ ද? කීයට ද? කොපමණ වෙලාවක් ද?

By | 2017-07-29T19:45:25+00:00 July 29th, 2017|Meditation|

භාවනා කරන්න සුදුසු ම තැන මොකක්ද? භාවනාව ආරම්භ කරන ආධුනිකයෙක් නිරන්තරයෙන් ම තමන් ගේ භාවනා කරන ස්ථානය සහ මුහුණ යොමු කළ යුතු දිශාව පිළිබඳ ව සැළකිලිමත් වෙනවා. කොහොම වුණත් තමන්ගේ නිවසේ නම් භාවනා කරන්නට නිශ්චිත තැනක් තිබීම බොහොම හොඳයි. ඒක බොහොම පිරිසිදු ගෞරවනීය තැනක් විදියට තියාගන්න. ඒ ස්ථානයේ ලෑලි වලින් කල ආසනයක් මත සුවපහසු කුෂන් මෙට්ටයක් තැන්පත් කොට පිළිවෙලට සකසා ගන්න. ඒ ආසනය මත හිඳගෙන රූපවාහිනිය නැරඹීම පොත් කියවීම වැනි වෙනත් කටයුතු වල නිරත වෙන්න එපා. එය සම්පුර්ණයෙන් ම භාවනාවට පමණක් ම යොදාගන්න ඕන. ඔබ කැමතිනම් කුෂන් මෙට්ටයකින් තොර ව සම්පුර්ණයෙන් ම සමතල බිමක හිඳගන්නත් පුලුවන්. නමුත් වඩාත් හොඳයි කකුල් නවා [...]

භාවනාව ආරම්භ කරන්නේ කෙසේ ද?

By | 2017-07-29T18:42:36+00:00 July 29th, 2017|Meditation|

භාවනාව ආරම්භ කරන්නට පෙර ඔබ හොදට හිතට ගතයුතු දෙයක් තියෙනවා. ඒ තමයි, භාවනා පුහුණුව ඉතා ම සැහැල්ලුවෙන් සුළුවෙන් සරළ ව ආරම්භ කිරීමයි. කිසිසේත් ම ඔබ බරපතලකමක් ආරූඩ කරගෙන මම දැන් භාවනා කරන කෙනෙක් කියා සිතමින් සමාජය තුළ විශේෂයෙන් හැසිරෙන්න උත්සාහ කරන්න එපා. පිපාසයට පැන් බොන කෙනෙක් වගේ ඉතා ම සැහැල්ලුවෙන් ජීවත් වෙන අතරේ භාවනාව ආරම්භ කරන්න ඕන. පටන් ගන්න බරපතල විදියට මොකුත් ම හිතන්න යන්න එපා. භාවනාව ආරම්භ කරන්න කලින් ඔබ ට කිසි ම පෙර සූදානමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ භාවනා කරන විනාඩිය වුනත් කිසි ම බාහිර බාධාවකින් තොර ව සිදු කරගැනීමට අවශ්‍ය පරිසරයක සිටීම පමණයි. 1. විවේකය තිබේ නම්; මේ [...]